අරියකම්මට්ඨාන සංවිධානය සීහෙළයා පෘතුවියේ ජීවීන් පටන් ගත් දා සිට තම මුල් බිමේ ජීවත් වන ආදිතම වාසියා බව ඔප්පු කිරීමේ නීතිමය ක්‍රියාදාමයක නියැලී ඇති අතර, බ්‍රිතාන්‍ය යටත්විජිත පාලකයන් විසින් විකෘති කර විනාශ කර ඇති ඉතිහාස තොරතුරු නිසා තම ජාතියේ අයිතියෙන් බැහැර වී ඇති සීහෙළ ආදිතම අනන්‍යතාවය නැවත ලබා ගැනීමට මහා සටහනක් අරඹා ඇත. එම සටනට ශක්තියක් වෙන්නට දස දෙසින් මහා සංඝරත්නය සහ සීහෙළ දූ පුතුන් ජිනීවා නුවරට රැස් වෙමින් පවතී.
එහි සුවිශේෂී අවස්ථාවක් සනිටුහන් කරමින් ලෝකයේ මානව හිමිකම් ක්ෂේත්රයේ පතාක යෝධයෙකු වන මාරියස් රෙයිකරොස් නම් වූ ජනතා හිතවාදී මානව හිමිකම් මහා නීතීඥයා අරියකම්මට්ඨාන සංවිධානයට සහයෝගය ලබා දීම සඳහාත්, අරියකම්මට්ඨාන සංවිධානය වෙනුවෙන් ජාත්‍යන්තර අධිකරණවල පෙනී සිටීම සඳහාත් ජිනීවා නුවරට අද දින පැමිණෙන ලදි.
එම අවස්ථාවේ දී ජනමාධ්‍යයට හසු කරගත් ඔහුගේ වාග් සටහන් ඇසුරෙන් නිර්මාණය වුණු කෙටි පුවත් විකාශයයි.
#riseupfortruth #truthconnecttv# #ariyakammattana